Advertiesment

Saturday, May 15, 2021

වම්බටු මෝජු Brinjal Moju

         වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු 500g (තීරු කපා ගෙන ලුණු කහ මිශ්‍ර වතුරේ දමා ගන්න.)
  • රතු ළූණු ගෙඩි හෝ බී ළූණු 200g
  • අමුමිරිස් 100g
  • අබරා ගත් කහ අබ විනාකිරි
  • ලුණු
  • උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය

පළමුව කපා ගත් වම්බටු ගැබුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.එය පසෙකින් තබන්න. 

ළූණු හා අමුමිරිස් වෙන වෙනම බැද තබන්න.

ඉන්පසු ඇතිලියක් ලිපතබා එයට ලුණු, විනාකිරි, කහ, උම්බලකඩ, අබ දමා එයට බැදගත් ළූණු, අමුමිරිස් හා බටු ටික දමන්න.

විනාඩි 5 ක්‌ පමණ මද ගින්නේ තබා බා ගන්න.

අවශ්‍යනම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමන්න.

සුළං හා වතුර නොවදින සේ වසා තබා ගන්න.




Friday, May 14, 2021

චෝප්සි chopsi

           චෝප්සි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටුවට කපා ගත් කැරට් 100g 
  • කොටුවට කපා ගත් අල 100g
  • කුඩා කැබලි වලට කඩා ගත් බෝංචි
  • කපාගත් බේබි කෝන්
  • කොටුවට කපා ගත් පිපිඤ ඤ
  • රතු හා කොළ බෙල් පේපර් කැබලි කිහිපයක්
  • තලා ගත් ඉගුරු සුදු ළූණු
  • ඕයීසට සෝස් තේ හැදි 1
  • කෝන් පිටි තේ හැදි 1
සාදන ආකාරය

වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක්‌ එක්‌ කරන්න.

එයට කැරට්, අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවලු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවලු වෙනමත් තබන්න.තෙල් ටිකක් ලිප තබා රත් වනවිට ඉගුරු, සුදු ළූණු දමා රන්වන් පැහැ වනතුරු බැදගෙන කලින් පෙරා ගත් වතුර ටිකක් මෙයට දමන්න.එයට සීනි මේස හැදි 1 ක්‌ දමා හැදි ගාන්න.

ඉන්පසු ඔයිස්ට සෝස් දමා කැටි නොවන තුරු හැදි ගාන්න.කෝන් පිටි මේස හැදි 2 ක්‌ ඇල් වතුර ස්වල්පයක දිය කර එයද බජනයට දමා දිය කරන්න.එවිට උකු මිශ්‍රණයක්‌ ලැබේ.

ඉන්පසු මෙයට තම්බා නොගත් එළවලු ටික දමා හැදි ගාන්න.දැන් මෙයට තම්බා ගත් ඉතුරු එළවලු ටිකක් දමා මිශ්‍ර කරන්න ගන්න.

අවසානයේ ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉස කෑමට ගන්න.

ගාලික් රයිස්

 ගාලික්‌ රයිස්

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • බාසමතී බත්
  • බිත්තර 2
  • ගා ගත් සුදු ළූණු බික්
  •  2,3ක්‌
  • ගා ගත් ඉගුරු
  • සෝයා සෝස්
  • තෙල්
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • රතු පාට අමු මිරිස් කරල් 2,3 ක්‌
සාදන ආකාරය

 පළමුව පෑන් එකක් ලිප තබා  එයට තෙල් ටිකක් දමා ගෙන එය රත් වූ පසුව බිත්තරයක් දමා ගෙන එයා කෑලි කැඩෙන තුරු හැන්දෙන් හැදි ගාන්න.
පසුව එයට ගා ගත් ඉගුරු සුදු ළූණු දමාගෙන හොදින් මිශ්‍ර කරන්න.
පසුව එයට රතු පාට මිරිස් කරල් කුඩා කෑලි කපා එකතු කරගෙන එයා මිශ්‍ර කරගෙන  පසුව එයට බත් එකතු  කරන්න.
සෝයා සෝස් ටිකක් ද එකතු කරන්න.
පසුව අවසානයේ ලුණු ගම්මිරිස් කුඩු එකතු කරන්න ලිපෙන් බා ගන්න.

Thursday, May 13, 2021

කේරල ක්‍රමයට කුකුල් මස්

              කේරල ක්‍රමයට කුකුල් මස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් 500g
  • තෙල් තේ හැදි 1
  • ළූණු ගෙඩි 1
  • සුදු ළූණු ගෙඩි 1
  • අමු මිරිස් 2,3 ක්‌
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි  2
  • කහ කුඩු තේ හැදි 1/2
  • ගරම් මසාල තේ  හැදි 2
  • පොල් කිරි 300 ml
  • සූදුරු තේ හැදි 1/2
  • රම්පෙ, කරපිංචා
  • ලුණු
  • ගම්මිරිස්
සාදන ක්‍රමය

තෙල් බාජනයකට  දමා රත් කරන්න.එයට ළූණු සුදු ළූණු දමා විනාඩි කිහිපයක් තෙම්පරාදු කරන්න.

ඉන්පසු අනෙකුත් සියලු දෑ එකතු කරන්න හොදින් කලවම් කරන්න.

ඉන්පසු කුකුල් මස් බාජනයකට දමා එයට ගරම් මසාල එකතු කරන්න.

දැන් පොල් කිරි එකතු කරන්න විනාඩි 15 ක්‌ පමණ පිස ගන්න.

ඉන්පසු මද ගින්නේ තව විනාඩි 15 ක්‌ පමණ තම්බා ගන්න.

අවසානයේ කොත්තමල්ලි එකතු කරන්න පිළිගන්වන්න.

Wednesday, May 12, 2021

අල පරාට potato paratha

         අල පරාට

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 750 g
  • අල 500 g
  • මාගරින් 50g
  • ලුණු ටිකක්
  • පොල් තෙල් අවශ්‍ය පමණ
සාදන ආකාරය

අල හොදින් තම්බා ගන්න.හොදට පොඩි කර ගන්න.දැන් පිටි වලට මාගරින්, ලුණු එකතු කර ගන්න.දැන් මෙයට පොඩි කර ගත් අල එකතු කරගෙන හොදින් මිශ්‍ර කරන්න. පොල් තෙල් ටික ටික දමා හොදින් අනන්න.

පසුව සොෆ්ට් එකට එනවිට කුඩා බෝල කඩා විනාඩි 15 ක්‌ තබන්න.

දැන් මේ බෝල රොටී ආකාරයට තුනී කර දෙපැත්ත පුලුස්සා ගන්න.

දර ලිපේ කිබුලා බනිස්

       දර ලිපේ කිබුලා බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 300g 
  • ලුණු තේ හැදි 1/2
  • යීස්ට් මේස හැදි 1
  • මද රස්නේ වතුර කෝප්ප 1/2
  • සීනි  තේ හැදි 1 1/2
  • සීනි සිරප් එකට සීනි මේස හැදි 2
  • වතුර කෝප්ප 1/2
සාදන ආකාරය

වතුර කෝප්ප 1/2 ට යීස්ට්ද,සීනි මා කලවම් කර විනාඩි 10 ක්‌ පසෙකින් තබන්න.

දැන් පිටි වලට එයා දමා ලුණු, බටර් දමා මිශ්‍ර කරගෙන. හොදින් කලවම් කරන්න.

වතුර මේස  හැදි 4 ක්‌ බැගින් දමමින් හොදින් විනාඩි 10 ක්‌ පමණ  අනා  ගන්න.

දැන් මෙය බජනයකට දමා පොල්තෙල් ටිකක් ගා ඩබල් සයිස් එනතුරු පසෙකින් පිපෙන තුරු තබන්න.

දැන් සීනි සිරප් එකක් හදමු.

වතුර කෝප්ප 1/2 ට සීනි මේස හැදි 2 ක්‌ දමා උණු කරන්න. ඇලෙන ගතිය එනවිට ලිප නිවා වෙනත්  බාජනයකට සීනි සිරප් එක දමා නිවෙන්න තබන්න.

දැන් සාදා ගත් මිශ්‍රණය ගෙන කුඩා කැබලි වලට කඩා ගෙන මැදින් මහතට සිටින සේ දෙපැත්තට රෝල්ල් කරන්න. දැන් හරි මැදින් කපා  දෙකට වෙන් කරන්න.

එය ත්‍රිකෝණයක් ආකාරයට තුනී කරගෙන පලල වැඩි පැත්තෙන් රෝල් කරගෙන  පළල අඩු පැත්ත  උඩට සිටින  සේ රෝල් කරගෙන කිබුලා බනිස් සාදා ගන්න.

ඉන්පසු සීනි  සිරප් ඒ මත  ගා ගෙන සීනි තවරා ගන්න. තැටිය මතට තෙල් ගා  ගෙන කිබුලා බනිස් අතුරා  ගන්න.

දැන් ලිප සාදමු.

ඇලුමිනියම් බාජනයක් ගෙන එයට වැලි බාගයක් දමා ගෙන යකඩ දරනුවක් ඒ මත  තබා ගෙන බාජනයේ පියන වසා ගින්දර දමන්න.

දැන් බනිස් තැටිය ගෙන දරනුව උඩින් තබා උඩින් යකඩ පියනක්  තබා ඒ මතට  ගිනි අගුරු දමා ගෙන විනාඩි 20 ක්‌ පුළුස්සා ගන්න.


Tuesday, May 11, 2021

සැර මුරුක්කු spicy murukku

         සැර මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් පිටි කෝප්ප 1
  • කඩල පිටි කෝප්ප 1
  • මිරිස් කුඩු මේස හැදි 1
  • සුදු ළූණු කුඩු හෝ පේස්ට් තේ  හැදි 1
  • බටර් මේස හැදි 1
  • සූදුරු තේ හැදි 1
  • තල ඇට තේ හැදි 1
  • බැද ගැනීමට තෙල්
  • කහ කුඩු තේ  හැදි 1/2
  • වතුර
සාදන ආකාරය

ඉහත සදහන් සියල්ල බාජනයකට දමා හොදින් මිශ්‍ර කරන්න. රොටී පදමට. දැන් මුරුක්කු වංගෙඩියෙන් පිගානකට මිරිකා ගන්න. ඉන්පසු ගැබුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගෙන මිරිස් කුඩු හා ලුණු කුඩු දමා ගෙන කෑමට ගන්න.