Advertiesment

Sunday, January 20, 2013

ඉගුරැ බිස්කට් Ginger Biscuit

ඉගුරැ බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බටර් 125g
  • රතු සීනි 100g
  • බිත්තර කහමද 2
  • පිටි 175g
  • කුරක්කන් පිටි 100g
  • හාල් පිටි 100g
  • ඉගුරැ පවුඩර් 70g
  • කුරැදු කුඩු ස්වල්පයක්
  • බේකින් පවුඩර් 3g
  • කිතුල් පැණි 125g

සාදන අන්දම
    බටර් හා සීනි හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට බිත්තර කහමද 2ක් යොදා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. එයට කුරක්කන් පිටි, හාල් පිටි, දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට බේකින් පවුඩර් සමග හලාගත් පිටි ද මිශ්‍ර කර ගන්න. දැන් මෙයට කිතුල් පැණි ද එක් කර ගන්න. ඉගුරැ පවුඩර් හා කුරැදු කුඩුද මිශ්‍ර කර ගෙන අතේ නොඇලෙන පදමට ඩෝ එකක් සාදා ගන්න. දැන් පිටි ටිකක් ඉස හොදට තුනී කර කැමති හැඩයකට කපා ගෙන අවන් එකක 160c ක විනාඩි 30ක් බේක් කර ගන්න.

Tuesday, January 1, 2013

ස්පැනිෂ් ඔම්ලට් Spanish Omlet

ස්පැනිෂ් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඔලිව් තෙල්
  • බිත්තර 3
  • පාස්ලි
  • තක්කාලි
  • බී ළුණු
  • මාලු මිරිස්
  • ටොමැටෝ කොන්කසේ
  • කොත්තමල්ලී කොළ
  • ලුනු
  • ගම්මිරිස් කුඩු

සාදන අන්දම
    පෑන් එකක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගෙන රත් වූ පසු ළුණු එක් කරන්න. කොටුවට කපා ගත් මාලු මිරිස්, තක්කාලි එක් කර හොදින් මිශ්‍ර කරන්න. ලුනු, ගම්මිරිස් එක් කර ගන්න. කොත්තමල්ලී කොළ ටිකක් එක් කරන්න. ටොමැටෝ කොන්කසේ එක් කරන්න. දැන් හොදින් මිශ්‍ර කරන්න. දැන් මෙය ලිපෙන් බා ගන්න. දැන් එම පෑන් එකම ලිප තබා ගන්න. බිත්තර 3 හොදින් ගසා ගන්න. එයට ලුනු, ගම්මිරිස් එක්කරන්න. දැන් පෑන් එක රත් වූ පසු තෙල් හෝ මාගරින් දමා රත් වූ පසු බිත්තර 1 දමා ගන්න. දැන් සාදා ගත් මිශ්‍රනය උඩින් දමා ගෙන පිට්සා එකක් ආකාරයට සාදා ගන්න.

චිකන් සැන්ඩ්විච් Chicken Sandwich

චිකන් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පෙති කිහිපයක්
චිකන් පැටිසය සෑදීම සදහා
අවශ්‍ය ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල් මස්
  • බී ළුණු
  • සුදු ළුණු
  • පාස්ලි
  • ලුනු
  • ගම්මිරිස් කුඩු
  • මිංචි කොළ

අඹ සෝස් එක සෑදීම සදහා

  • ඉදුණු අඹ ගෙඩියක්
  • අබ ක්‍රීම් තේ හැදි 1
  • වතුර ස්වල්පයක්
  • පාස්ලි ටිකක්
  • ලුනු රස පදමට

සාදන අන්දම
    චිකන් පැටිසයට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයකට දමා ගෙන අඹරා ගන්න. පසුව එය රවුම් හැඩයට සාදා ගෙන හුමාලයෙන් තම්බා ගන්න. එසේ නැතිනම් තෙල් ටිකක් පෑන් එකකට දමා ගෙන රන්වන් පැහැවනතුරැ බැද ගන්න.
    දැන් අඹ සෝස් එක සාදා ගනිමු. අඹ සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ගෙන බ්ලෙන්ඩර් කර ගන්න.
    පාන් පෙති එකක් ගෙන එහි උඩින් සලාද කොළයක් තබා ගෙන එය උඩින් චිකන් පැටිස් 1 තබා ගන්න. එයටත් උඩින් අඹ සෝස් දමා ගෙන අනෙක් පෙත්තෙන් වසා ගන්න. ඉන්පසුව පිළිගන්වන්න.

Monday, December 31, 2012

චිකන් මැන්චූරියන් Chicken Manturian

චිකන් මැන්චූරියන්
  
අවශ්‍ය ද්‍රව්‍ය
  • කටු ඉවත් කර ගත් කුකුල් මස්
  • සුදු ළුණු මේස හැදි 1
  • ඉගුරැ මේස හැදි 1
  • සැල්දිරි
  • බී ළුණු මේස හැදි 2
  • අමු මිරිස්
  • ලුනු
  • කෝන්පිටි
  • චිලි පේස්ට් මේස හැදි 1
  • ඔයෙස්ටා සෝස් තේ හැදි 1
  • තක්කාලි සෝස් මේස හැදි 2
  • අඡිනමොටෝ

සාදන අන්දම
                 කුඩාවට කපා ගත් කුකුල් මස් වලට ලුනු ස්වල්පයක්, අඡිනමොටෝ ස්වල්පයක් හා කෝන්පිටි එක් කර හොදින් සීසන් කර ගන්න. දැන් ගැඹුරැ තෙලේ රන්වන් පාට වනතුරැ බැද ගන්න. පසුව මස් ටික ලිපෙන් බාන්න. දැන් වෙන පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර රත් වූ පසු එයට චොප් කර ගත් සුදුළුණු, බී ළුණු, ඉගුරැ, අමු මිරිස්, සැල්දිරි එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට තක්කාලි සෝස්, චිලි පේස්ට්, එක් කර ගන්න. ඔයෙස්ටර් සෝස්  එක් කර ගන්න. දැන් කලින් බැද ගත් චිකන් ටික එකතු කර ගන්න. ලුණු රස පදමට එක් කර ගන්න. අඡිනටමාටෝ එක් කර ගන්න.  දැන් අවසානයේ සිහින්ව කපා ගත් ළුණු කොළ එක් කර ගන්න. පසුව ලිපෙන් බා පිළිගන්වන්න.     

අල පුලාවෝ Potato Pulao

අල පුලාවෝ

අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී හාල් කෝප්ප 2
  • ගී තෙල් මේස හැදි 2
  • සූදුරැ ඇට මේස හැදි 1
  • ගාගත් ඉගුරැ මේස හැදි 1
  • ග්‍රීන්පීස් කෝප්ප 1
  • අල කෝප්ප 1 - ලෙලි ඉවත් කොට කුඩාවට කපා ගෙන
  • කොත්තමල්ලී කුඩු මේස හැදි 2
  • ගරම් මසාලා තේ හැදි 1
  • ලුනු රස පදමට
  • කහ කුඩු තේ හැදි 1/4

සාදන අන්දම
                 පෑන් එකක් ලිප තබා එයට ගී තෙල් රත් කර එයට සූදුරැ ආට හා ඉගුරැ එකතු කර ගෙන රත් කර ගන්න. ඉගුරැ ටිකක් දුඹුරැ පැහැ වූ පසු එයට ග්‍රීන්පීස් හා අල එකතු කරන්න. දැන් එයට පොගවා ගත් හාල්, කොත්තමල්ලී කුඩු, ගරම් මසාලා, ලුණූ හා කහ කුඩු එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. ටිකක් බැදෙන්න හරින්න. දැන් මෙයට වතුර කෝප්ප 4ක් එකතු කරන්න. එය වසා නොගෙන තැම්බෙන්න හරින්න. පසුව උෂ්ණත්වය අඩු කර ආවරණය කර ගෙන විනාඩි 10ක් පමණ ලිප තබා උණුවෙන්ම පිළිගන්වන්න.

චොකලට් මෝල්ඩ් Chocolate Mould

චොකලට් මෝල්ඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඡෙලටින් මේස හැදි 1
  • කොකෝවා පවුඩර් මේස හැදි 2
  • යොදය සහිත කිරිපිටි කෝප්ප 2
  • සීනි මේස හැදි 4 - සීනි පිටි කර ගෙන
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • කිරිපිටි ටිකක් සැරසීමට
  • ආමන්ඩ් ඇට කිහිපයක් රෝස්ට් කර ගෙන

සාදන අන්දම
    පළමුව ඡෙලටින් ටික වතුර කෝප්ප 1/2කට දමා ගෙන දිය කර ගන්න. දැන් වෙනම කොකෝවා, වැනිලා හා කිරි වලට මිශ්‍ර කර ගෙන ලිප තබා රත්වෙන්න හරින්න. දැන් ඡෙලටින් මිශ්‍රනය දමා ගෙන නැවතත් විනාඩි 1/2ක් පමණ ලිප තබා ගන්න. එයට සීනි ද එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙම සැදාගත් මිශ්‍රනය කැමති ආකාරයට වීදුරැ වලට වත් කොට නිවෙන්නට හැර පසුව සෙට් වීමට ශීතකරණයේ තබන්න. මේවා උඩට කිරිපිටි හා ආමන්ඩ් ඇට ඉස දමා ගෙන සරසා ගන්න.

Thursday, December 27, 2012

ස්වීට් ස්ප්‍රින් රෝල් Sweet Spring Roll

ස්වීට් ස්ප්‍රින් රෝල්


අවශ්‍ය ද්‍රව්‍ය
  • ග්‍රේට් කර ගත් ඇපල් (රතු පාට, කොළ පාට)
  • සීනි තේ හැදි 4
  • මුදිදරප්පලම්
  • කඡු
  • ස්ප්‍රින් රෝල්ප්‍රේස්ටි
  • බිත්තර සුදුමද 1
  • බැදීමට තෙල්

සාදන අන්දම
            පෑන් එකක් ලිප තබා එයට සීනි තේ හැදි 4ක් දමා ගෙන පසුව එයට ග්‍රේට් කර ගත් ඇපල් ටික දමා ගන්න. පසුව හොදින් මිශ්‍ර කර ගෙන එයට මුද්දරප්පලම් ටිකක් එක් කර ගන්න. ඉන්පසු එයට කඡු ටිකක් එක් කර ගන්න. පසුව ලිප නිවා ගෙන එය බා ගන්න. දැන් ස්ප්‍රින් රෝල් ප්‍රේසිටි එක බැගින් ගෙන ඇපල් මිශ්‍රනය දමා ගෙන රෝල් එකක් ආකාරයට රෝල් කර ගෙන බිත්තර සුදුමද වලින් අලවා ගෙන ගැඹුරැ තෙලේ රන්වන් පැහැ වනතුරැ බැදගන්න.