Advertiesment

Thursday, October 16, 2014

රයිස් විත් බනානා Rice with Banana

                                                 රයිස් විත් බනානා

අවශ්‍ය ද්‍රව්‍ය
  • උයාගත් සුදු කැකුළු 200g
  • කහ තේ හැදි 1/2
  • චිපොලාටා හෝ ලිංගුස් හෝ සොසේඡස්
  • තක්කාලි ගෙඩි 3
  • ලුණු හා ගම්මිරිස් රස පදමට
සාදන අන්දම 
   ප්‍රථමයෙන් තරමක් විශාල භාඡනයක් ගෙන ලුණු වතුර දමා එයට කහ ස්වල්පයක් එක්කර වතුර උණු කරගන්න. ඉන්පසු එයට සහල් දමා විනාඩි 12ක් හෝ 15ක් හොදින් තම්බා ගන්න. එසේ සකසාගත් බත් නිවෙන්නට තබන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් දමා එයට තක්කාලි එකතු කරන්න. ඉන්පසු එයට චිපොලාටා හෝ ලිංගුස් හෝ සොසේඡස් එකතු කරන්න. ඉන්පසු තරමක් විශාල කැබලි කපාගත් කෙසෙල් එකතු කරන්න. එම මිශ්‍රණයට ගම්මිරිස් හා ලුණු එක්කර කලින් සකසාගත් බත් එකතු කරන්න.

Wednesday, October 15, 2014

ඉස්සන් සමග කඡු Prawns with Cashew Nuts

                                                      ඉස්සන් සමග කඡු
අවශ්‍ය ද්‍රව්‍ය
  • සුද්දකරගත් ඉස්සන් 100g
  • තම්බාගත් කඡු 50 g
  • ලොකු ළුනු ගෙඩි 1
  • සුදුළුනු බික් 4ක් හෝ 5ක්
  • තක්කාලි ගෙඩි 1
  • මිරිස්කුඩු තේ හැදි 2
  • තුනපහකුඩු තේ හැදි 2
  • කහ ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • කුරැදුපොතු කැබැල්ලක්
  • අඹරාගත් අබ තේ හැදි 2
  • අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2
  • වතුර අවශ්‍ය පමණ
  • ලුණු කුඩු අවශ්‍ය පමණ
  • තෙල් මේස හැදි 2
  • රම්පේ 
  • කරපිංචා
  • සේර කැබැල්ලක්
  • දෙකට පලා ගත් අමුමිරිස් කරල් 3-4ක්
සාදන අන්දම
   ප්‍රථමයෙන් ලූනු, සුදුලූනු, තක්කාලි චොප් කරන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් රත්වූ පසු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කරැදුපොතු එකතු කරන්න. එකී ද්‍රව්‍ය රන්වන් පැහැ වූ පසු මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු එකතු කර විනාඩි 2ක් මදගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සෝ එකතු කරන්න. ඉන්පසු අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. ඉස්සෝ මිශ්‍රණය හොදින් ඉදුණු පසු කඡු එකතු එකතුකර විනාඩි 2ක් හෝ 3ක් ඉදෙන්න හරින්න. ඉන්පසු අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. ඉන්පසු අඹරාගත් අබ තේහැදි 2ක් හා අමුමිරිස්, තක්කාලි එකතුකර ැවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ළිපෙන් බාගන්න.

මැංගෝ ලැසී Mango Lassi

                                                           මැංගෝ ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු අඹ ගෙඩි 2
  • යෝගට් කප් 2
  • සීනි මේස හැදි 3
  • අයිස් ස්වල්පයක්
සාදන අන්දම
  පොතු ඉවත් කරගත් ඉදුණු අඹ කුඩා කෑලිවලට කපාගන්න. ඉන්පසු එම කපාගත් අඹ, යෝගට්, සීනි බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට අයිස්කැට එකතු කර නැවත බ්ලෙන්ඩර් කර වීදුරැවක දමා අලංකාර කර පිළිගන්වන්න.

සීනි මුරැක්කු Sugar Murukku

                                                     සීනි මුරැක්කු                 
අවශ්‍ය ද්‍රව්‍ය
  • හාල්පිටි 1kg
  • පොල් ගෙඩි 1
  • බිත්තර 3
  • අවශ්‍ය පමණට පොල්තෙල්
  • ලුණු ස්වල්පයක්
  • සීනි අවශ්‍ය පමණට
සාදන අන්දම
 පළමුවෙන්ම හාල් පිටි බැද හලා ගන්න. ඉන්පසු එයට හොදින් ගසාගත් බිත්තරය හා ලුණු එකතු කරන්න. ඉන්පසු ඝන ද්‍රාවනයක් සෑදෙන ආකාරයට පොල්කිරි එකතු තරන්න. ඉන්පසු නොම්මර 17 හා නොම්මර 32 ප්‍රමාණයේ නොසලයෙන් තෙල් තාච්චියට මුරැක්කු දමා ගන්න. මේ සදහා නොසල් නැතිනම් මුරැක්කු වංගෙඩියක් යොදාගත හැකියි. ඉන්පසු එසේ සාදාගත් මුරැක්කු පසෙකින් තබා වෙනත් භාඡනයකට සීනි හා වතුර එකතු කර උණුවන තෙක් හැදිගා පත් පැණිවල කලින් සාදාගත් මුරැක්කු මිශ්‍ර කරන්න.

පොල් ටොෆී Coconut Tofee

                                     පොල් ටොෆී
.
අවශ්‍ය දුව්‍ය
  • ගාගත් පොල් 250g
  • සීනි 150g
  • වතුර කෝප්ප 1
  • කැමති වර්ණයක කලරීන් 
  • වැනිලා තේ හැදි 1
සාදන අන්දම
 භාඡනයක් ගෙන එයට සීනි 200g ට වතුර කෝප්ප 1ක් දමා දියකර ගන්න. එය ළිපේ තබා පොල් හා කලරින් දමන්න. අනතුරැව මිශ්‍රණය වටේට කර වී ගෙන එන විට වැනිලා ස්වල්පයක් ද එක් කර මිශ්‍රණය ළිපෙන් බාගන්න. එය බටර් ගා ගත් ලෑල්ලක තුනීකර නිවෙන්නට පෙර කෑලි කපා ගන්න.

ස්පෙෂල් මික්ස් මීට් චයිනිස් Special Mix Meat Chinese

                                            ස්පෙෂල් මික්ස් මීට් චයිනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • තම්බා ගත් නූඩ්ල්ස් 100g
  • කොටු කපා ගත් ඉස්සන් 10g
  • කොටු කපා ගත් කුකුළු මස් 10g
  • කොටු කපා ගත් ගෝවා 10g
  • කොටු කපා ගත් නිවිති 10g
  • කැමති ආකාරයකට කපා ගත් යංකෝන් 2ක්
  • යංකෝන් කරල් 2ක්
  • කපාගත් ඩ්‍රැගන් ෆෘට් 30g
  • කපාගත් කැරට් 20g
  • කපාගත් ගර්කින් 10g
  • මෂ්රෑම් දිගට ඉරාගත් 10g
  • බ්ලැක් බීන් සෝස් තේ හැදි 2-3ක්
  • ඔයිස්ටර් සෝස් තේ හැදි 2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • ලූනු කොළ 20
  • බිත්තර 1
  • සෝයා සෝස් තේ හැදි 1
  • එළවලු තෙල් 50ml
  • වතුර 100ml
  • ලුණු රස පදමට
සාදන අන්දම 
 ප්‍රථමයෙන් භාඡනයක් ගෙන සාමාන්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරන්න. ඉන්පසු කපාගත් ඉස්සන් හා කුකුළු මස් පදම් කර හොදින් බැදගන්න. ඉන්පසු තව භාඡනයක් ළිප මත තබා එයට වතුර දමන්න. පසුව එය රත්වූ පසු කපා ගත් ගෝවා, කැරට්, නිවිති, යංකෝන්, බට්න් මෂ්රෑම්, ගර්කින් හා මෂ්රෑම් එක්කර මද වේලාවක් තම්බා එය හොදින් වතුර පෙරා ගන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ළිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත් වූ පසු බිත්තරය එකතු කරන්න. ඉන්පසු එයට තම්බා ගත් නූඩ්ල්ස් ටික එකතු කර හොදින් ෆ්‍රයි කරන්න. ඉන්පසු එයට බ්ලැක් බීන් සෝස්,ඔයිස්ටර් සෝස් හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් කලවම් කරන්න. පසුව සෝයා සෝස් දමා ටික වේලාවක් පිස ගන්න. ඉන්පසු බැදගත් ඉස්සන් හා දැල්ලන් එකතු කර කලවම් කර රස පදමට ලුණු යොදන්න. ඉන්පසු එයට ලූනු කොළ දමා හොදින් කලවම් කර අමුත්තන්ට පිළිගන්වන්න.

Monday, October 13, 2014

මස්කට් Muskett

                                                           මස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන්පිටි කෝප්ප 1
  • වතුර කෝප්ප 1 3/4
  • සීනි කෝප්ප 2
  • කිරි කෝප්ප 2
  • එළගිතෙල් කෝප්ප 1 1/4
  • වියළි පලතුරැ මේසහැදි 2
  • කඡු මේසහැදි 2
  • ආමන්ඩ් මේසහැදි 2
  • කැමති පාටක වර්ණක 
  • රෝස රසකාරකය තේහැදි 1/2
සාදන අන්දම
  පාන්පිටි, එළගිතෙල් මේසහැදි 2ක්, වතුර කෝප්පයක් දමා හොදින් අනා පැය 8ක් පමණ වසා තබන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ගෙන එයට සීනි හා වතුර කෝප්ප 3/4ක දමා උකුවට සීනි සිරප් එක සාදාගන්න. එය පදමට සකසාගත් පසු පැය 8ක් හොදින් පදම් වූ පිටි මිශ්‍රණය එයට එක්කර හොදින් මිශ්‍රකරන්න. එසේම එයට කිරි හා එළගිතෙල් ද එක්කරන්න. එයට වර්ණක, කඡු, වියළි පලතුරැ, එසන්ස් මිශ්‍ර කර ඝනකම් වේගෙන එනවිට නැවත එළගිතෙල් එක්කර තැටියකට දමා කැබලිවලට කපා ගන්න.