Advertiesment

Sunday, June 27, 2021

ඉක්මනට හදන චිකන් කරිය

 ඉක්මනට හදන චිකන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 500g
  • බී ළූණු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 3ක්‌
  • කහ තේ හැදි 1/4
  • බැදපු මිරිස් කුඩු තේ හැදි  3
  • බැදපු තුනපහ  තේ හැදි 2
  • සුදු ළූණු ගෙඩි 1
  • කුරුදු
  • එනසාල්
  • කරාබුනැටි
  • සියබලා
  • කරපිංචා රම්පේ
  • ලුණු
  • වතුර
සාදන ආකාරය

    චිකන් වලට සියළුම ද්‍රව්‍ය ටිකක් දමා වතුරත් එක්‌ කරන්න මදගින්නේ උයා ගන්න.


https://youtu.be/H-JOa2whYoM

මේ ලින්ක් එකේ සාදන ආකාරය තියෙනවා. එතනින් බලලා subscribe කරන්නත් අමතක කරන්න එපා.



Wednesday, June 2, 2021

Green gram bread - මුං ඇට රොටී

             මුං ඇට රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි 250g
  • ආප්ප සෝඩා තේ හැදි 1/4
  • ලුණු ටිකක්
  • වතුර
  • තම්බා පොඩිකරගත් මුං ඇට 100g
  • කුඩු කරගත් හකුරු 75g
  • ගාගත් පොල් කෝප්ප 1/2
  • ලුණු ස්වල්පයක්‌ 
සාදන ආකාරය

මුං ඇට, පාන්පිටි, ආප්ප සෝඩා, ලුණු, වතුර මිශ්‍ර කර හොදින් අනා පැයක් පමණ වසා තබන්න. වතුර සමග හකුරු දිය කර ලිප තබා උණු කරන්න. පොඩිකරගත් මුං ඇට පොල් සහ ලුණු එකතුකරලා මිශ්‍රණය සාදන්න. දැන් පිටි මිශ්‍රණයෙන් කුඩා බෝල සාදන්න.

කෙසෙල් කොළ කැබලි ගෙන ඒක කොලයකට ඒක බෝලය බැගින් තබා තුනීකර මැදට පිරවුම තබා වටේ පිටි වලින් මිශ්‍රණය ගුලියක් වන ලෙස වසන්න. පසුව මිශ්‍රණය පිටතට නොයන ලෙස සෙමෙන් තුනී කරන්න. රොටී තැටියක් ලිප තබා රොටී ආකාරයට  පුළුස්සන්න.

Saturday, May 15, 2021

වම්බටු මෝජු Brinjal Moju

         වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු 500g (තීරු කපා ගෙන ලුණු කහ මිශ්‍ර වතුරේ දමා ගන්න.)
  • රතු ළූණු ගෙඩි හෝ බී ළූණු 200g
  • අමුමිරිස් 100g
  • අබරා ගත් කහ අබ විනාකිරි
  • ලුණු
  • උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය

පළමුව කපා ගත් වම්බටු ගැබුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.එය පසෙකින් තබන්න. 

ළූණු හා අමුමිරිස් වෙන වෙනම බැද තබන්න.

ඉන්පසු ඇතිලියක් ලිපතබා එයට ලුණු, විනාකිරි, කහ, උම්බලකඩ, අබ දමා එයට බැදගත් ළූණු, අමුමිරිස් හා බටු ටික දමන්න.

විනාඩි 5 ක්‌ පමණ මද ගින්නේ තබා බා ගන්න.

අවශ්‍යනම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමන්න.

සුළං හා වතුර නොවදින සේ වසා තබා ගන්න.




Friday, May 14, 2021

චෝප්සි chopsi

           චෝප්සි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටුවට කපා ගත් කැරට් 100g 
  • කොටුවට කපා ගත් අල 100g
  • කුඩා කැබලි වලට කඩා ගත් බෝංචි
  • කපාගත් බේබි කෝන්
  • කොටුවට කපා ගත් පිපිඤ ඤ
  • රතු හා කොළ බෙල් පේපර් කැබලි කිහිපයක්
  • තලා ගත් ඉගුරු සුදු ළූණු
  • ඕයීසට සෝස් තේ හැදි 1
  • කෝන් පිටි තේ හැදි 1
සාදන ආකාරය

වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක්‌ එක්‌ කරන්න.

එයට කැරට්, අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවලු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවලු වෙනමත් තබන්න.තෙල් ටිකක් ලිප තබා රත් වනවිට ඉගුරු, සුදු ළූණු දමා රන්වන් පැහැ වනතුරු බැදගෙන කලින් පෙරා ගත් වතුර ටිකක් මෙයට දමන්න.එයට සීනි මේස හැදි 1 ක්‌ දමා හැදි ගාන්න.

ඉන්පසු ඔයිස්ට සෝස් දමා කැටි නොවන තුරු හැදි ගාන්න.කෝන් පිටි මේස හැදි 2 ක්‌ ඇල් වතුර ස්වල්පයක දිය කර එයද බජනයට දමා දිය කරන්න.එවිට උකු මිශ්‍රණයක්‌ ලැබේ.

ඉන්පසු මෙයට තම්බා නොගත් එළවලු ටික දමා හැදි ගාන්න.දැන් මෙයට තම්බා ගත් ඉතුරු එළවලු ටිකක් දමා මිශ්‍ර කරන්න ගන්න.

අවසානයේ ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉස කෑමට ගන්න.

ගාලික් රයිස්

 ගාලික්‌ රයිස්

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • බාසමතී බත්
  • බිත්තර 2
  • ගා ගත් සුදු ළූණු බික්
  •  2,3ක්‌
  • ගා ගත් ඉගුරු
  • සෝයා සෝස්
  • තෙල්
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • රතු පාට අමු මිරිස් කරල් 2,3 ක්‌
සාදන ආකාරය

 පළමුව පෑන් එකක් ලිප තබා  එයට තෙල් ටිකක් දමා ගෙන එය රත් වූ පසුව බිත්තරයක් දමා ගෙන එයා කෑලි කැඩෙන තුරු හැන්දෙන් හැදි ගාන්න.
පසුව එයට ගා ගත් ඉගුරු සුදු ළූණු දමාගෙන හොදින් මිශ්‍ර කරන්න.
පසුව එයට රතු පාට මිරිස් කරල් කුඩා කෑලි කපා එකතු කරගෙන එයා මිශ්‍ර කරගෙන  පසුව එයට බත් එකතු  කරන්න.
සෝයා සෝස් ටිකක් ද එකතු කරන්න.
පසුව අවසානයේ ලුණු ගම්මිරිස් කුඩු එකතු කරන්න ලිපෙන් බා ගන්න.

Thursday, May 13, 2021

කේරල ක්‍රමයට කුකුල් මස්

              කේරල ක්‍රමයට කුකුල් මස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් 500g
  • තෙල් තේ හැදි 1
  • ළූණු ගෙඩි 1
  • සුදු ළූණු ගෙඩි 1
  • අමු මිරිස් 2,3 ක්‌
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි  2
  • කහ කුඩු තේ හැදි 1/2
  • ගරම් මසාල තේ  හැදි 2
  • පොල් කිරි 300 ml
  • සූදුරු තේ හැදි 1/2
  • රම්පෙ, කරපිංචා
  • ලුණු
  • ගම්මිරිස්
සාදන ක්‍රමය

තෙල් බාජනයකට  දමා රත් කරන්න.එයට ළූණු සුදු ළූණු දමා විනාඩි කිහිපයක් තෙම්පරාදු කරන්න.

ඉන්පසු අනෙකුත් සියලු දෑ එකතු කරන්න හොදින් කලවම් කරන්න.

ඉන්පසු කුකුල් මස් බාජනයකට දමා එයට ගරම් මසාල එකතු කරන්න.

දැන් පොල් කිරි එකතු කරන්න විනාඩි 15 ක්‌ පමණ පිස ගන්න.

ඉන්පසු මද ගින්නේ තව විනාඩි 15 ක්‌ පමණ තම්බා ගන්න.

අවසානයේ කොත්තමල්ලි එකතු කරන්න පිළිගන්වන්න.

Wednesday, May 12, 2021

අල පරාට potato paratha

         අල පරාට

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 750 g
  • අල 500 g
  • මාගරින් 50g
  • ලුණු ටිකක්
  • පොල් තෙල් අවශ්‍ය පමණ
සාදන ආකාරය

අල හොදින් තම්බා ගන්න.හොදට පොඩි කර ගන්න.දැන් පිටි වලට මාගරින්, ලුණු එකතු කර ගන්න.දැන් මෙයට පොඩි කර ගත් අල එකතු කරගෙන හොදින් මිශ්‍ර කරන්න. පොල් තෙල් ටික ටික දමා හොදින් අනන්න.

පසුව සොෆ්ට් එකට එනවිට කුඩා බෝල කඩා විනාඩි 15 ක්‌ තබන්න.

දැන් මේ බෝල රොටී ආකාරයට තුනී කර දෙපැත්ත පුලුස්සා ගන්න.