Advertiesment

Wednesday, December 26, 2012

චිලී චිකන් Chilli Chicken

චිලී චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
  • ගැඹුරැ තෙලේ බැද ගත් කුකුල් මස්
  • චොප් කර ගත් බී ළුණු
  • චොප් කර ගත් සුදු ළුණු
  • අමුමිරිස්
  • ඉගුරැ
  • කෑලි මිරිස් තේ හැදි 1 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1 1/2
  • කරපිංචා ස්වල්පයක්
  • ලුනු රස පදමට
  • වතුර වීදුරැ 1/4ක්
  • සීනි තේ හැදි 1
  • දික් අතට කපා ගත් ළුණු ගස් කිහිපයක්
  • තක්කාලි සෝස් 
  • තෙල්
සාදන අන්දම
                      පළමුව භාඡනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් වූ පසු කුඩාවට චොප් කර ගත් බී ළුණු, සුදු ළුණු, ඉතුරැ දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. දැන් එයට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. කරපිංචා ස්වල්පයකුත් එක් කරගන්න. අමුමිරිස් ටිකකුත් එක් කර ගන්න. දැන් මෙයට කෑලි මිර්ස්, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සුදු ළුණු, ඉගුරැ දමා ගෙන සීසන් කර පැය 1/2 ක් පමණ තබා ගැඹුරැ තෙලේ බැදගත් මස් ටික එක්කර ගන්න. දැන් මෙයට තක්කාලි සෝස් ටිකක් එක්කර ගන්න. හොදින් මිශ්‍ර කරගන්න. මෙයට වතුර වීදුරැ 1/4ක් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. අඩු ගින්දරේ. දැන් මෙයට සීනි තේ හැදි 1ක් දමා ගෙන් ගම්මිරිස් කුඩු, පුණු කුඩ් ටිකක් එක් කර ගන්න. දික් අතට කපා ගත් ළුණු ගස් කිහිපයක් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගෙන ලිපෙන් බා පිළිගන්වන්න.

ගාලික් රයිස් Garlic Rice

ගාලික් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී බත්
  • බිත්තර 1
  • ගාගත් සුදුළුණු බිත් 2, 3ක්
  • ගාගත් ඉගුරැ
  • සෝයා සෝස්
  • තෙල් හෝ මාගරින්
  • ලුණු
  • ගම්මිරිස් තුඩු
  • රතුපාට අමුමිරිස් කරල් 2, 3ක්
සාදන අන්දම
                        පළමුව පෑන් එකක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගෙන එය රත් වූ පසු බිත්තරයක් දමා ගෙන හැන්දෙන් කෑලි කැඩෙන සේ හැදි ගාන්න. පසුව එයට ගාගත් සුදුළුණු, ඉගුරැ දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එයට රතුපාට මිරිස් කරල් කුඩා කෑලි කපා ගෙන දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එයට බත් එකතු කරන්න. සෝයා සෝස් ටිකක් ද එක් කරන්න. පසුව අවසා‍නයේ ලුණු, ගම්මිරිස් කුඩු මිශ්‍ර කර ගෙන ලිපෙන් බා ගන්න. කොත්තමල්ලි කොළ ටිකක් කෑලි කපා ගෙන උඩින් දමා ගන්න.