Advertiesment

Wednesday, August 8, 2012

පූරී Poori

පූරී

අවශ්‍ය ද්‍රව්‍ය
  • ආටා පිටි 175
  • අවශ්‍ය තරමට ලුණු
  • වතුර පයින්ට් 1/2
  • ගී තෙල් හෝ බටර් මේස හැදි 3
  • බැදීමට තෙල් (එළවලු තෙල් වඩා සුදුසුයි)
  • ගැඹූරැ තෙලේ බැදීමට

සාදන අන්දම
                        පිටි හා ලුණු බෝල් එකකට දමන්න. වතුර ටික ටික දමා පිටි අනන්න. මෙයට ගී තෙල් හෝ දිය කර ගත් බටර් ද මිශ්‍ර කර හොදට අනන්න. විනාඩි 20ක් මෙය පසෙක වසා තබන්න. මෙයින් ගුලි 8 ක් හෝ 10ක් එකම ප්‍රමාණයට කඩා ගන්න. මේවා පිටි ඉසින ලද ලෑල්ලක රොටී මෙන් තුනී කරන්න. මේවා අගලකින් 1/8 ක් ප්‍රමාණ ඝනකමකින් යුක්ත විය යුතුයි. 
                     පැතලි සාස්පානකට තෙල් සෑහෙන තරමක් දමා රත්වෙන්න තබන්න. වරකට 1 බැගින් දමා බදින්න. බුබුළු හැගෙන විට ඒ මතට රත් වූ තෙල් ටිකක් හැන්දෙන් දමන්න. විනාඩි 1 1/2ක් පමණ වේලා (ප්‍රමාණවත් තරමට) බැද ගන්න. දෙපැත්තම බැද තෙල්වලින් ඉවත් කොට තෙල් උලන කඩදාසියකට දමන්න. උණූවෙන්ම මේසයට යවන්න.

No comments:

Post a Comment