Advertiesment

Wednesday, August 8, 2012

ඉතාලි බතක් Italy Rice

ඉතාලි බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී හාල් 500
  • චිකන් ස්ටොක් කෝප්ප 2
  • ඉස්සෝ 150
  • බේ ලීෆ් 1
  • බටර් 50
  • තරමක ළුණු ගෙඩියක්
  • තක්කාලි ගෙඩි 2 (පොතු හැර කුඩාවට චොප් කර ගෙන)
  • ෆාමසාන් චීස් 100 (කැමති චීස් වර්ගයක්)
  • සුදුළුණු බික් 5
  • ඔලිව් ගෙඩි කිහිපයක්

සාදන අන්දම
                   පළමුව හාල් ටික සෝදා පොගවා ගන්න. පසුව බාඡනයක් ලිප තබා එයට බටර් එකතු කර සුදුළුණු, තක්කාලි, ළුණු, බේ ලීෆ්, දමා හොදින් මිශ්‍ර කර ගන්න. දැන් එයට ඉස්සෝ ටික එකතු කර ගන්න. පසුව එයට හාල් ටික එකතු කර ගන්න. ඒ සමගම චිකන් ස්ටොක් ටික එකතු කර ගන්න. ලුණු ස්වල්පයකුත් එකතු කර ගෙන බත වසා ගන්න. බත ඉදුණු පසු ඔලිව් ගෙඩි, චීස් එකතු කර හොදින් මිශ්‍ර කර ගෙන පිළිගන්වන්න.


No comments:

Post a Comment