Advertiesment

Friday, August 17, 2012

අන්නාසි දෝසි Pineapple Dosi


අන්නාසි දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය
  • ලොකු අන්නාසි ගෙඩි 1
  • සීනි 375g
  • වතුර කෝප්ප 1
  • එනසාල් කරල් 2
  • වැනිලා තේ හැදි ½

සාදන අන්දම
            සීනිවලට වතුර දමා ලිප තබා ඝන වනතුරැ උතුරැවා ගන්න. අන්නාසි ගෙඩිය පොතු හැර දිග අතට තීරැ 8ක් කපා ගන්න. මේ තීරැ පොඩි නොවන සේ ගෑරැප්පුවෙන් ඇන මිරිකා සෝදා ආපසු වතුර බේරෙන ලෙස මිරිකා ගන්න. ඉන්පසු අන්නාසි හා එනසාල් සීනි ද්‍රාවණයට එකතු කර මදගින්නේ පිසගන්න.
            මෙම ද්‍රාවණය හැදි ගෑමේදි ලී හැනිදකින් අන්නාසි කැබලි එකිනෙක නොගැටෙන සේ හැදි ගාන්න. මෙය ද්‍රඹ්‍රරැ පැහැ වනවිට වැනිලා එක්කර ලිපෙන් බා සංග්‍රහයට යොදා ගන්න.

Thursday, August 9, 2012

බ්‍රවුනීස් Brownies

බ්‍රවුනීස් 

අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 4
  • පිටි 200g
  • සීනි 350g
  • බටර් 225g
  • කොකෝවා පව්ඩර් 45g
  • ඩාක් කුකින් චොකලට් 50g

සාදන අන්දම
                      පිටි වලට කොකෝවා පව්ඩර් එකතු කර හලා ගන්න. ටර් හා ඩාක් කුකින් චොකලට් දිය කර ගන්න ඩබල් බොයිල් ක්‍රමයට. බිත්තර 4 බීටි කර ගන්නඑයට සීනි එකතු කර ගනිමින් බීටි කර ගන්න. සීනි හොදින් දිය වූ පස් මෙයට කොකෝවා පව්ඩර් සමග හලා ගත් පිටි එකතු කර ගෙන මිශ්‍ර කර ගන්න. පසුව මෙයට දිය කර ගත් චොකලට් හා බටර් මිශ්‍රණය එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව බේකින් ට්‍රේ එකකට බට්ර ගාගෙන පිටි ඉස සාදා ගත් මිශ්‍රණය එයට දමා ගෙන 180 ක උෂ්ණත්වයනක විනාඩි 25-30ත් අතර බේක් කර ගන්න.

රටඉදි චට්නි Dates Chutney

රටඉදි චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය
  • රටඉදි 500
  • වියලි මිරිස් 30
  • අමු ඉගුරැ 10
  • සීනි 150
  • සුදුළුණු බික් 4
  • විනාකිරි බෝතල් 1/2
  • ලුණු ටිකක්

සාදන අන්දම
                   රටඉදි පිරිසිදු කර අඹරා ගන්න. කුළු බඩු වර්ග විනාකිරි සමග අඹරා ගන්න. සීනි හා විනාකිරි එක්කොට කුළුබඩු වර්ග ලුණු හා රටඉදි පාප්පය දමා ලිපේ තබා ඝන වනතුරැ කම්බා ගන්න.

කොකනට් කිසස් Coconut Kisses

කොකනට් කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • හීන්කර ගත් පොල් කෝප්ප 1
  • ලුණු ස්වල්පයක්
  • කිරි ටින් 1
  • වැනිලා ස්වල්පයක්
  • අවශ්‍යනම් පිටි ස්වල්පයක්

සාදන අන්දම
                       ‍පොල් හා ලුණු මිශ්‍ර කර ගන්න. එයටම කිරි, වැනිලා හා පිටි දමා නැවතත් හොදින් මිශ්‍ර කරන්න. තෙල් ගාගත් තැටියක මෙය හැන්ද බැගින් දමා බේක් කර ගන්න.

Wednesday, August 8, 2012

ඉතාලි බතක් Italy Rice

ඉතාලි බතක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී හාල් 500
  • චිකන් ස්ටොක් කෝප්ප 2
  • ඉස්සෝ 150
  • බේ ලීෆ් 1
  • බටර් 50
  • තරමක ළුණු ගෙඩියක්
  • තක්කාලි ගෙඩි 2 (පොතු හැර කුඩාවට චොප් කර ගෙන)
  • ෆාමසාන් චීස් 100 (කැමති චීස් වර්ගයක්)
  • සුදුළුණු බික් 5
  • ඔලිව් ගෙඩි කිහිපයක්

සාදන අන්දම
                   පළමුව හාල් ටික සෝදා පොගවා ගන්න. පසුව බාඡනයක් ලිප තබා එයට බටර් එකතු කර සුදුළුණු, තක්කාලි, ළුණු, බේ ලීෆ්, දමා හොදින් මිශ්‍ර කර ගන්න. දැන් එයට ඉස්සෝ ටික එකතු කර ගන්න. පසුව එයට හාල් ටික එකතු කර ගන්න. ඒ සමගම චිකන් ස්ටොක් ටික එකතු කර ගන්න. ලුණු ස්වල්පයකුත් එකතු කර ගෙන බත වසා ගන්න. බත ඉදුණු පසු ඔලිව් ගෙඩි, චීස් එකතු කර හොදින් මිශ්‍ර කර ගෙන පිළිගන්වන්න.


ඡෙලි පුඩිම Jelly Pudding

ඡෙලි පුඩිම

අවශය ද්‍රව්‍ය
  • ඡෙලි පැකට් 1
  • ටින් කිරි ටින් 1
  • රට ඉදි 50
  • වැනිලා ස්වල්පයයි
  • කඡු මද 200
  • උතුරන වතුර කෝප්ප 3
  • බිත්තර 3

සාදන අන්දම
                        මුලින්ම ටින් කිරි ටින් එක කඩා උතුරන වතුරට මිශ්‍ර කරන්න. එයටම ඡෙලි පැකට් එකද කඩා දමා බිත්තරද එක් කරමින් හොදට ගසා ගන්න. මේ සියල්ල විනාඩි 10ක් පමණ ලිපේ තබා හොදට ගසන්න. මී ලගට කඡු මද, රට ඉදි ආදිය සිහිනියට කපා ගෙන එයට එකතු කරන්න. පසුව ලිපෙන් බා ගෙන එයට වැනිලාද එක් කර නිවේනනට හැර ශීතකරණයක තබන්න.

පූරී Poori

පූරී

අවශ්‍ය ද්‍රව්‍ය
  • ආටා පිටි 175
  • අවශ්‍ය තරමට ලුණු
  • වතුර පයින්ට් 1/2
  • ගී තෙල් හෝ බටර් මේස හැදි 3
  • බැදීමට තෙල් (එළවලු තෙල් වඩා සුදුසුයි)
  • ගැඹූරැ තෙලේ බැදීමට

සාදන අන්දම
                        පිටි හා ලුණු බෝල් එකකට දමන්න. වතුර ටික ටික දමා පිටි අනන්න. මෙයට ගී තෙල් හෝ දිය කර ගත් බටර් ද මිශ්‍ර කර හොදට අනන්න. විනාඩි 20ක් මෙය පසෙක වසා තබන්න. මෙයින් ගුලි 8 ක් හෝ 10ක් එකම ප්‍රමාණයට කඩා ගන්න. මේවා පිටි ඉසින ලද ලෑල්ලක රොටී මෙන් තුනී කරන්න. මේවා අගලකින් 1/8 ක් ප්‍රමාණ ඝනකමකින් යුක්ත විය යුතුයි. 
                     පැතලි සාස්පානකට තෙල් සෑහෙන තරමක් දමා රත්වෙන්න තබන්න. වරකට 1 බැගින් දමා බදින්න. බුබුළු හැගෙන විට ඒ මතට රත් වූ තෙල් ටිකක් හැන්දෙන් දමන්න. විනාඩි 1 1/2ක් පමණ වේලා (ප්‍රමාණවත් තරමට) බැද ගන්න. දෙපැත්තම බැද තෙල්වලින් ඉවත් කොට තෙල් උලන කඩදාසියකට දමන්න. උණූවෙන්ම මේසයට යවන්න.