අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන්
- කෝන්ෆ්ලවර්
- බටර්
- චිලි පේස්ට්
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කඡු
- මාළු මිරිස්
- සීනි
- ලීක්ස්
සාදන අන්දම
දැල්ලන් වලට ලුණු හා කෝන්‍ෆ්ලවර් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු ගැඹුරැ තෙලට දමා ගෙන හොදින් බැද ගන්න. රන්වන් පැහැ වනතුරැ බැදුනු පසුව එය ලිපෙන් බා ගන්න. දැන් පෑන් එකක් ලිප තබා බට්ර ටිකක් දමා ගෙන එයට චිලි පේස්ට් ටිකක් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. සීනි ටිකක් ලුනු ටිකක් එක් කර ගෙන දික් අතට කපා ගත් මාළු මිරිස් එක් කර දැල්ලෝ ටිකත් එක් කර ගන්න. ඉන්පසු අන්තිමට ලීක්ස් ටික දමා ගෙන හොදින් මිශ්‍ර කර ගෙන ලිපෙන් බා ගන්න.
ක්‍රීම් චිකන් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා ටිකක්
- බට්ර් 50
- පිටි 50
- චිකන් ස්ටොක්
- ෆ්‍රේෂ් ක්‍රීම් තේ හැදි 2 1/2
- බට්න් මෂ්රෑම්
- බොකේ ගානි
- තම්බා ගත් චිකන්
- ලුණු
- ගම්මිරිස් කුඩු
සාදන අන්දම
පෑන් එකකට බටර් දමා ගෙන එයට පිටි එක්කර ගන්න. හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මෙයට චිකන් ස්ටොක් ටිකක් එක් කරගන්න. හොදින් පිටි වල කැට ගතිය නැතිවනතුරැ හැදි ගාන්න. ස්ටොක් ටික ටික දමමින් හැදි ගාන්න. දැන් මෙයට බොකේ ගානි 1 දමා ගන්න. දැන් එය පිසුණු පසුව බොකේ ගානි 1 ඉවත් කර ගන්න. ලුණු, ගම්මිරිස් දමා ගන්න. දැනි මෙයට ෆ්‍රේෂ් ක්‍රීම් එකතු කර ගන්න. දැන් මෙය ලිපෙන් බා ගෙන තම්බා ගත් පැස්ටා, තම්බා ගත් චිකන්, හීනියට චොප් කර ගත් බට්න් මෂ්රෑම් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගෙන පිළිගන්වන්න.