Advertiesment

Sunday, January 20, 2013

ඉගුරැ බිස්කට් Ginger Biscuit

ඉගුරැ බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බටර් 125g
  • රතු සීනි 100g
  • බිත්තර කහමද 2
  • පිටි 175g
  • කුරක්කන් පිටි 100g
  • හාල් පිටි 100g
  • ඉගුරැ පවුඩර් 70g
  • කුරැදු කුඩු ස්වල්පයක්
  • බේකින් පවුඩර් 3g
  • කිතුල් පැණි 125g

සාදන අන්දම
    බටර් හා සීනි හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට බිත්තර කහමද 2ක් යොදා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. එයට කුරක්කන් පිටි, හාල් පිටි, දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට බේකින් පවුඩර් සමග හලාගත් පිටි ද මිශ්‍ර කර ගන්න. දැන් මෙයට කිතුල් පැණි ද එක් කර ගන්න. ඉගුරැ පවුඩර් හා කුරැදු කුඩුද මිශ්‍ර කර ගෙන අතේ නොඇලෙන පදමට ඩෝ එකක් සාදා ගන්න. දැන් පිටි ටිකක් ඉස හොදට තුනී කර කැමති හැඩයකට කපා ගෙන අවන් එකක 160c ක විනාඩි 30ක් බේක් කර ගන්න.

Tuesday, January 1, 2013

ස්පැනිෂ් ඔම්ලට් Spanish Omlet

ස්පැනිෂ් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඔලිව් තෙල්
  • බිත්තර 3
  • පාස්ලි
  • තක්කාලි
  • බී ළුණු
  • මාලු මිරිස්
  • ටොමැටෝ කොන්කසේ
  • කොත්තමල්ලී කොළ
  • ලුනු
  • ගම්මිරිස් කුඩු

සාදන අන්දම
    පෑන් එකක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගෙන රත් වූ පසු ළුණු එක් කරන්න. කොටුවට කපා ගත් මාලු මිරිස්, තක්කාලි එක් කර හොදින් මිශ්‍ර කරන්න. ලුනු, ගම්මිරිස් එක් කර ගන්න. කොත්තමල්ලී කොළ ටිකක් එක් කරන්න. ටොමැටෝ කොන්කසේ එක් කරන්න. දැන් හොදින් මිශ්‍ර කරන්න. දැන් මෙය ලිපෙන් බා ගන්න. දැන් එම පෑන් එකම ලිප තබා ගන්න. බිත්තර 3 හොදින් ගසා ගන්න. එයට ලුනු, ගම්මිරිස් එක්කරන්න. දැන් පෑන් එක රත් වූ පසු තෙල් හෝ මාගරින් දමා රත් වූ පසු බිත්තර 1 දමා ගන්න. දැන් සාදා ගත් මිශ්‍රනය උඩින් දමා ගෙන පිට්සා එකක් ආකාරයට සාදා ගන්න.

චිකන් සැන්ඩ්විච් Chicken Sandwich

චිකන් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පෙති කිහිපයක්
චිකන් පැටිසය සෑදීම සදහා
අවශ්‍ය ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල් මස්
  • බී ළුණු
  • සුදු ළුණු
  • පාස්ලි
  • ලුනු
  • ගම්මිරිස් කුඩු
  • මිංචි කොළ

අඹ සෝස් එක සෑදීම සදහා

  • ඉදුණු අඹ ගෙඩියක්
  • අබ ක්‍රීම් තේ හැදි 1
  • වතුර ස්වල්පයක්
  • පාස්ලි ටිකක්
  • ලුනු රස පදමට

සාදන අන්දම
    චිකන් පැටිසයට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයකට දමා ගෙන අඹරා ගන්න. පසුව එය රවුම් හැඩයට සාදා ගෙන හුමාලයෙන් තම්බා ගන්න. එසේ නැතිනම් තෙල් ටිකක් පෑන් එකකට දමා ගෙන රන්වන් පැහැවනතුරැ බැද ගන්න.
    දැන් අඹ සෝස් එක සාදා ගනිමු. අඹ සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ගෙන බ්ලෙන්ඩර් කර ගන්න.
    පාන් පෙති එකක් ගෙන එහි උඩින් සලාද කොළයක් තබා ගෙන එය උඩින් චිකන් පැටිස් 1 තබා ගන්න. එයටත් උඩින් අඹ සෝස් දමා ගෙන අනෙක් පෙත්තෙන් වසා ගන්න. ඉන්පසුව පිළිගන්වන්න.