Advertiesment

Friday, September 7, 2012

රටකඡු මෝඡු Ratakanju moju

රටකඡු මෝඡු

අවශ්‍ය ද්‍රව්‍ය
  • කබලේ බැද පොතු ඉවත් කරගත් රටකඡු 250g
  • සිහින්ව කපාගත් බී ළුණු 150g
  • සිහින්ව කපාගත් සුදුළුණු 25g
  • සිහින්ව කපාගත් කරපිංචා කොල තේ හැදි 2
  • සිහින්ව කපාගත් ඉගුරැ තේ හැදි 1
  • වෙන් නොවන සේ දෙකට පලාගත් අමුමිරිස් කරල් 5
  • කැබලි මිරිස් මේස හැදි 2
  • අඹ චට්නි මේස හැදි 3
  • විනාකිරි මේස හැදි 2
  • සීනි මේස හැදි 2
  • තෙල් මේස හැදි 2
  • අබ කුඩු තේ හැදි 1
  • තෙල් බෝතල් 1/2 (ගැඹුරැ තෙලේ බැදගැනීමට අවශ්‍ය පමණට)
  • ලුණු රස පදමට

සාදන අන්දම
                        මුලින්ම රටකඡු, ළුණු, සුදු ළුණු, කරපිංචා, ඉගුරැ, අමු මිරිස්, වෙන වෙනම රන්වන් පැහැ වනතෙක් ගැඹුරැ තෙලේ බැද තෙල් බේරෙන්න හරින්න. පසුව වෙනත් බදුනක් ලිප තබා එයට තෙල් දමා රත් වූ පසු කැබලි මිරිස්, අබ කුඩු, අඹ චට්නි, සීනි හා විනාකිරි එක්කර මද ගින‍්නේ සුළු වේලාවක් පිසගන්න. දැන් ලිපෙන් බා එයට රටකඡු, බැදගත් ළුණු, ඉගුරැ, මිරිස්, කරපිංචා, සුදු ළුණු, ලුණු ස්වල්පයක් එක්කර හොදින් කලවම් කර දීසියකට දමා අමුත්තන්ට පිළිගන්වන්න.

No comments:

Post a Comment