Advertiesment

Thursday, December 17, 2015

කේක් පොප්ස්

                         කේක් පොප්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය
  •  කේක් කුඩු 500
  • බටර් 100
  • අයිසිං සීනි 200
  • චොකලට් පවුඩර් 50
සාදන අන්දම
       මුලින්ම කේක් කුඩු, බටර්, අයිසිං සීනි එක්කර කුඩා බෝල සාදාගන්න. පසුව චොකලට්  පවුඩර් හා අයිසිං සීනි කලවම් කර වතුර ස්වල්පයක් එක්කර හොදින් කලවම් කර ගන්න. එසේ වතුර දමා කලවම් කිරීමේදි එම භාඡනය උණු වතුර භාඡනයක බස්සවා හොදින් දිය කරන්න. අනතුරුව සාදා ගත් කේක් බෝල චොකලට් දියරයේ ගිල්වා සාදා ගන්න.

සැන්ඩ්විචස් පාන්

                             
                                         සැන්ඩ්විචස් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පෙති කැපූ පාන්
  • අවශ්‍ය පමණට මාගරින්
  • කුඩා සැමන් ටින් 1
  • බී ළුණු ගෙඩි 1
  • කැරට් ගෙඩි 1
  •  අල ගෙඩි 1
  • බිත්තර 2
  •  කිරි කෝප්ප 1
  • ගම්මිරිස් මේසහැදි 1
  •  ලුණු රස පදමට 
සාදන අන්දම
  සැමන් පොඩි කර එයට ලුණු, ගම්මිරිස් හා සෝස් එකතු කරන්න. කැරට් ග්‍රේට් කර එකතු කර ගන්න. අල තම්බා පොඩි කර එකතු කරන්න. භාඡනයක් ලිප තබා තෙල් දමා රත් කර කපාගත් ළුනු එකතු කරන්න. එය තරමක් බැදී එනවිට සැමන් මිශ්‍රණය මැදට දමා තවත් පාන් පෙත්තකින් වසන්න. 
  කිරි කෝප්පයට බිත්තර 2 දමා ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් පැතලි සාස්පානක් ගෙන එයට මාගරින් දමා රත් කරන්න. කලින් සාදා ගත් පාන් පෙති කිරි බිත්තර මිශ්‍රණයේ පොගවා තාච්චියේ දමා දෙපැත්තම හරවමින් බැද ගන්න.